GELAWATA BANDAAWU MUTHU POTE,ගෙලවට බැන්දා වූ මුතු පොටේ :- Lyrics :- Song by :- Niranjala Sarojani & priya sooriyasena :-Sinhala Song
Song Lyrics :-
ගෙලවට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මුහුණෙහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම ආනන්ද වේ
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ ...
සෙංකඩගල පුර පෝදා හඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළඳා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුබ නෑ ඕවා ...//
ගෙලවට බැන්දා වූ මුතු පොටේ ......
කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි හඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ ...//
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමාද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ
ගෙලවට බැන්දා වූ මුතු පොටේ .....
Watch this video :-
Song by :- Niranjala Sarojani & priya sooriyasena
0 Comments