HADA WIMAN DOREN ENA PATHUM PAWAN,හද විමන් දොරෙන් එන පැතුම් පවන් :-Lyrics :- Song by :- H.R Jothipala, Anjaleen Gunathilake :- Sinhala song

Song Lyrics :-

හද විමන් දොරෙන්  එන පැතුම්  පවන් 

විහිද යයි හමා .....

පියඹනා කල්පනා 

රසේ දේ අමා ...

මල් උයන් තුළින් විල් ගඟුල් මැදින් 

සුගන්ධය ගලා ...

එකතු වී කිති කැවී 

රැඳී  එක්වෙලා ......

සාගරයේ සිසිල් රැල්  නැගි නැගී බිඳේ 

ආදරයේ සුපෙම් කැන්  දිලි දිලී   සැලේ 

ආකාසේ සඳේ  ලප නැත මැකී ගියේ 

ආදරයේ  පුරාණේ හිත ඇදී තියේ 

උදා වූ වසන්තේ 

සදාකල්  රැඳේවා .....

හද විමන් දොරෙන් එන පැතුම් පවන් 

විහිද යයි හමා  පියඹනා කල්පනා 

රසේ දේ අමා....

මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී 

ගී තනුවේ වදන් වැල්  ලෙස එතී එමී 

ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා 

පා කරමූ සුනිල්වන් වළාවක් සොයා 

උදා වූ වසන්තේ සදාකල් රැඳේවා....

හද විමන් දොරෙන් එන පැතුම් පවන් 

විහිද යයි හමා පියඹනා කල්පනා 

රසේ දේ අමා...

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් 

සුගන්ධය ගලා එකතු වී කිති කැවී 

රැඳී  එක්වෙලා 

Watch this song:-

Song by :- H.R Jothipala, Anjaleen Gunathilake

Post a Comment

0 Comments