OBA GAAWA MAMA INNEMI , ඔබ ගාව මම ඉන්නෙමි :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song

Song Lyrics :- 

ඔබ ගාව  මම ඉන්නෙමී 
සුසුමන් වගේ යාවෙවී 
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී 
රෑ සීතලේ ලං වෙවී 
තරුමල් කඩා දෙන්නෙමී  ...//

මිණි  සේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ 
ඔබගේ සිනා දෑස නේදෝ 
නොසැළී තියෙන්නේ සසැළී නොයන්නේ 
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ 
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ 
වෙන කවුරුවත් මාගෙ තුරුළේ නිදන් නෑ ළඳේ 

මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී 
ගුවනේ පියාඹන්න වේවී 
අභ්‍යාවකාශේ  ග්‍රහලෝක ගානේ 
මිතුරන් සොයා යන්න වේවී 
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ 
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ 

ඔබ ගාව  මම ඉන්නෙමී 
සුසුමන් වගේ යාවෙවී 
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී 
රෑ සීතලේ ලං වෙවී 
තරුමල් කඩා දෙන්නෙමී  ...//

Watch this song :- 

Song by :- Milton Mallawarachchi

Post a Comment

0 Comments