MADU MALA LESA , මදු මල ලෙස :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song
Song Lyrics :-
මදු මල ලෙස මෘදු මාගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි......
අපමන සිතුවිලි බිහිවි තෙරපී එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි..
මදු මල ලෙස මෘදු මාගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි........
හිත ගොළු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමන කොට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි.......
Watch this video :-
Song by :- Milton Mallawarachchi
0 Comments