SURAKEEMATA HO NATHI WEE YANU PINISA,සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ :- Lyrics -Song by :- J.A Milton Perera :-Sinhala Song

SURAKEEMATA HO NATHI WEE YANU PINISA,සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ :- Lyrics -Song by :- J.A Milton Perera :-Sinhala Song

 


SURAKEEMATA HO NATHI WEE YANU PINISA,සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ :- Lyrics -Song by :- J.A Milton Perera:- Sinhala Song



Song Lyrics :-


සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ

එකකී මට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ....//


මගෙ ජීවය ගල් ලෙනකි

එහි පහන ඔබ තමා

එය දල්වනු මැන හිනැහී

හද පෙම් ගිතෙල් දමා....//


 සැනසීමට හෝ වැළපීමට  මතු සැරෙන් සැරේ

එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ

එකකී මට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ....


අඩකී පිරිලා ඇත්තේ

රස මිහිර මීවිතේ

පුරවා දිය හැකි ඔබටයි

අඩු කොටස ජීවිතේ.....//


පිටු පෑමට ලං වීමට භවයේ වරින් වරේ

එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ

එකකී මට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ....


අද හෝ හෙට කරුණාකොට

වියලුනු දෙතොල් තෙමා

දිව ගෑමට සැනසීමට

ඔබ දිය යුතුයි අමා


ඔබගේ නෙත කඳුලැලි මත

පාවෙන තරම්  ප්‍රියේ 

දරුණූ නැත මගෙ හදවත

හොඳ සිහිය මට තියේ


සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ

එකකී මට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ.....


Watch this video :-




Song by :- Priyankara perera

Post a Comment

0 Comments